යාච්ඤා ඉල්ලීම

අපි එකිනෙකා වෙනුවෙන් යාච්ඤා කළ යුතු බව බයිබලයේ උගන්වයි. ‘සියලු මනුෂ්‍යයන් උදෙසා ඉල්ලීම්ද යාච්ඤාද මැදහත්කම්ද ස්තුතිදීම්දපවත්වන්ට සියල්ලට පළමුවෙන් අවවාදකරමි’- 1 තිමෝති 2:1.


යාච්ඤා කිරීමට දිරිගැන්වීම

මනුෂ්‍යයාගේ ගැලවුම්කාරයාණන්ට යාච්ඤාවේ අවශ්‍යතාවය මෙපමණ දුරට දැනී ගියේනම් දුබල, පව්කාර මනුෂ්‍යයන්ට නිරන්තර උනන්දුයාච්ඤාවේ අවශ්‍යතාවය කොපමණ දුරට දැනී යා යුතුද.

අපගේ ස්වර්ගීය පියාණන්වහන්සේ තම  ආශීර්වාදයන්  සම්පූර්ණත්වයෙන්ම අප පිට වැගිරවීමට බලා සිටින සේක.අසීමිත ප්‍රේමයේ උල්පතින්කැමැති පරිදි පානය කිරීම අපගේ වරප්‍රසාදයයි.අප කොපමණ ස්වල්ප වශයෙන් යාච්ඤා කිරීම කොපමණ පුදුමාකාරද! දෙවියන්වහන්සේ තමාගේඉතාම යටහත් පහත් දරුවාගේ යාච්ඤාට පවා සවන් දීමට සුදානම්ව සිටින සේක.එහෙත් අපි අපගේ උවමනාවන් උන්වහන්සේට ඉදිරිපත් කිරීමට්බොහෝසේ මැලළිවෙමු.පරීක්ෂාවට භාජනය වී සිටින අසරණ දුගී මනුෂ්‍යයන් ඉල්ලනවාටත් , සිතනවාටත් වැඩියෙන් ඔවුනට ආශිර්වාද කිරීමටදෙවියන්වහන්සේ සුදානම්ව සිටින නමුත්, ඔවුන් එපමණ ස්වල්ප වශයෙන් යාච්ඤා කිරීම ගැනද එපමණ ස්වල්ප ඇදහිල්ලක් ඇතිව සිටීම ගැනදස්වර්ගීය දූතයන් කුමක් සිතනවා ඇත්ද? දේව දූතයන් දෙවියන්වහන්සේ ඉදිරිපිට නමස්කාරයෙන්  වැඳ වැටීමටද  උන්වහන්සේට ලංවසිටීමටදබොහොසේ ආශා කරති. දෙවියන්වහන්සේ සමඟ කථා කිරීම ඔවුන්ගේ ඉතා උතුම් ප්‍රීතියයි.එහෙත් දෙවියන්වහන්සේට පමණක් දිය හැකිආධාර බොහොසේ උවමනාවන්නාවූ ලෝකවාසීහු උන්වහන්සේගේ ආත්මයාණන්ගේ ආලෝකයෙන්ද උන්වහන්සේගේ සහභාගී කමෙන්ද තොරවජීවත් වීමෙන් සෑහීමට පත් වෙති.

නපුරාගේ අන්දකාරය,යාච්ඤාව අතපසු කරන්නන් වටලා ගනියි.සතුරා කනට කොඳුරන පරීක්ෂාවන් මගින් ඔවුහු පාපයට පෙලඹෙති. එහෙත් මේසියල්ලට හේතුව ඔවුන් දේව නියම පරිදි යාච්ඤාවේ වරප්‍රසාදය පාවිච්චි නොකිරීමයි.සර්ව බලධාරිත්වයේ සිමා රහිත ධන සම්භාරයේ ගබඩාවවිවෘත කරන පිණිස, යාච්ඤාව ඇදහිල්ල නැමැති හස්තයේ යතුරුව තිබියදී දෙවියන්වහන්සේගේ දු පුතුන් යාච්ඤාව අතපසු කරන්නේ මක්නිසාද?

–පිරිපුන්මග පිටු 88

යාච්ඤා ඉල්ලීම

නම(Required)