
දේවගැති ඩග් ගැන
ඩග් බැචලර් ඔහුගේ ජීවිතයේ විශාල අන්තයන් අත්විඳ ඇත. සමාජ විරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කරන්නෙකුව සිට ලෝක ව්‍යාප්ත අමාත්යාංශයකසභාපති දක්වා වන ඔහුගේ දිගු හා වංගු සහිත ගමන, ලොව පුරා සිටින ප්‍රේක්ෂකයින්ට ඔහුව හඳුනාගත හැකි ආකර්ශනීය කථිකයෙකු බවටඔහුව හැඩගස්වා ගැනීමට උපකාරී වී තිබේ.
අද ඔහු කැලිෆෝනියාවේ ග්‍රැනයිට් බේ (Granite Bay) සභාවේ ජ්‍යෙෂ්ඨ දේවගැතිවරයා සහ Amazing Facts (විශ්මිත කරුණු)වලසභාපතිවරයාය. ඔහු Amazing Facts with Doug Batchelor යන සතිපතා රූපවාහිනී වැඩසටහන සහ Bible Answers යන සජීවීගුවන්විදුලි වැඩ සටහානද විකාශනය කරන්නේය.

ගුවන් යානා ව්‍යාපාරිකයෙකුගේ, නව යොවුන් වියේ පුත්‍රයෙකු ලෙස, තරුණ ඩග්ට මුදලට මිලදී ගත හැකි ඕනෑම දෙයක් ලබාගැනීමට හැකිවතිබුණු නමුත්, ඔහුට සැබෑ සාමය සහ සතුට සොයාගත නොහැකි විය.දඩබ්බර තරුණයෙකු වූ ඔහු පාසැලේදී රණ්ඩු දබර වී, සියදිවි නසාගැනීමේමනඃකල්පිත විනෝදාස්වාදය ලබා ගත් අතර, අවසානයේ ඔහු ට යන්තම් වයස අවුරුදු 15ක් ලබද්දී නිවසින් පලා ගියේය.
ජීවිතය ගැන පිළිකුල් සහගතව කලකිරුණු සහ එහි තේරුමක් නැති බව ඒත්තු ගන්වනු ලැබූ ඩග්, නොසැලකිලිමත් ලෙස අතහැර දමන ලදජීවිතයක් අත්විඳීමට අධිෂ්ඨාන කර ගත්තේය.ඔහු මත්ද්‍රව්‍යවලට යොමු විය, අපරාධ සිදු කළේය, සිරගෙදර ද ගත කළ අතර, කුණාටු සහිතමුහුදේ සිට බිබිලි සහිත කාන්තාර දක්වා යන අධික අවදානමක් සහිත ජීවිතයක් ගත කළේය.නමුත් වසර ගණනාවකට පසු, පාම් ස්ප්‍රින්ග්ස් වලටඉහළින් පිහිටි කඳුකරයේ දුරස්ථ ගුහාවක් ඔහුගේ නිවස බවට පත්විය.ඔහුගේ පියාට යාත්‍රාවක්, ජෙට් යානයක් සහ රෝල්ස් රොයිස් මෝටර්රථයක් තිබුණද,ඩග් අවසනයේ ගොස් නතර වුනේ කසළ බඳුන්වල ආහාර සොයන්නෙක් ලෙසය.යමෙකු විසින් ඔහුගේ ගුහාවේ දමා ගිය දූවිලිවලින්වැසී ගිය බයිබලයක් ඔහුට හමු වුනු දවස දක්වාම ඩග් සෙවූ සතුට වසර ගණනාවක් ඔහුගෙන් මගහැරී ගියේය.ඔහු එය කියවන විට, ඔහුක්රිස්තුස් වහන්සේව තම ගැලවුම්කරුවා ලෙස විශ්වාස කරමින් උන්වහන්සේව පිළිගත්තේය.
අද, දේවගැති ඩග් බැචෙලර් යනු, දේව සභාවන්වලට නැඹුරු පුද්ගලයින්ට පමණක් නොව, ආගමික නොවන අය සමඟ ද සන්නිවේදනය කිරීමේඅසාමාන්ය හැකියාවක් ඇති ජවසම්පන්න කථිකයෙකි.ඔහුගේ ඔහු සිය කැමැත්තෙන් සිදු කරන ,හාස්‍යය ජනක ජීවිත රටාව සහ පෘථිවියේපහළටම ගොස් ක්‍රිස්තියානි ජීවිතයක් ගත කිරන්නන් සඳහා ඔහුගේ ප්‍රවේශය, සෑම ආකාරයකම පසුබිමකින් යුත් හදවත්වලටබලාපොරොත්තුවක් සහ අර්ථයක් ගෙන එන්නේය.

ඩග් සහ ඔහුගේ බිරිඳ කැරන්ට දරුවන් පස් දෙනෙක් සිටිති. දැනට සැක්රමෙන්ටෝ (Sacramento) හි ජීවත් වන ඔහුගේ විනෝදාංශ අතර ගිටාර්වාදනය, ස්කූබා කිමිදීම සහ රැකට්බෝල් ඇතුළත් වේ. ඔහුගේ පියා මෙන්ම ඔහුද ගුවන් ගමන් ලෝලියෙක් සහ ගුවන් නියමුවෙකි. ඔහුගේඅනෙකුත් පොත් වන Caveman Theology, Broken Chains, At Jesus’ Feet: The Gospel According to Mary Magdalene, සහ Who Do You Think You Are? යන මේ පොත් AFBookstore.com යන වෙබ් අඩවියට පිවිසීමෙන් • ඔබට දේවගැති ඩග් වෙතින් ඒවා මිලදී ගත හැක.
අපි විශ්වාස කරන්නෙමු
බයිබලය දේවානුභාවයෙන් ලත් වචනය වන අතර එය ඉගැන්වීමටත්, තරවටුවටත්, හික්මවීමටත්, ධර්මිෂ්ඨකම ගැන ගුරුකම් දීමටත්ප්රයෝජනවත් බව අපි විශ්වාස කරන්නෙමු. (2 තිමෝති 3:16 බලන්න.)…
අපගේ මෙහෙවර
අපගේ මෙහෙවරනම් එළිදරව් 14: 6-12 හි සඳහාන් සදාකාලික ශුභාරංචිය ලොවට ප්‍රකාශ කිරීම සහ යේසුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන්ගැලවීම වැළඳ ගැනීමට මිනිසුන්ව මෙහෙයවීමෙන්, ඉතිරි සභාවේ පුනර්ජීවනය දිරිමත් කර, …