අපගේ මෙහෙවර

අපගේ මෙහෙවරනම් එළිදරව් 14: 6-12 හි සඳහාන් සදාකාලික ශුභාරංචිය ලොවට ප්‍රකාශ කිරීම සහ යේසුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන්ගැලවීම වැළඳ ගැනීමට මිනිසුන්ව මෙහෙයවීමෙන්, ඉතිරි සභාවේ පුනර්ජීවනය දිරිමත් කර, ඔවුන්ව සභාවේ  ස්ථාපිත කර සහ සියලුඇදහිලිවන්තයන් ගෝලයන් කිරීම සඳහා වචනයෙන් සහ ආදර්ශයෙන් අන් අයව ප්‍රීතියෙන් ක්‍රිස්තුස් වහන්සේ වෙතට ගෙන යාමයි.

එළිදරව් 14:6-12

6 පොළොවේ වසන්නන්ටත් සියලු ජාතීන්ටත් ගෝත්‍රයන්ටත් භාෂාවන්ටත් සෙනඟටත් ප්‍රකාශකරන පිණිස, සදාකාල ශුභාරංචියක් ඇතුව සිටිනතවත් දේවදූතයෙක් අහස මැද පියාසරකරනවා දුටිමි;

7 ඔහු මහත් ශබ්දයකින් කථාකරමින්: දෙවියන්වහන්සේට භයවී, උන්වහන්සේට ගෞරව දෙන්න; මක්නිසාද උන්වහන්සේගේ විනිශ්චයේ පැයපැමුණුණේය. අහසත් පොළොවත් මුහුදත් ජල උල්පතුත් මැවූ තැනන්වහන්සේට නමස්කාරකරන්නැයි කීය.

8 තව දෙවෙනි දේවදූතයෙක්ද (ඔහු) පස්සේ ගොස්: තමාගේ වේශ්‍යාකමේ කෝපය නමැති මුද්‍රිකපානය සියලු ජාතීන්ට පෙවුවාවූ මහත් බබිලෝනියවැටුණේය, වැටුණේයයි කීය.

9 තව තුන්වෙනි දේවදූතයෙක්ද ඔවුන්ට පස්සේ ගොස්: යමෙක් මෘගයාටත් උගේ රූපයටත් නමස්කාරකර, ඔහුගේ නළලේවත් අතේවත් ලකුණක්ලබන්නේද,

10 ඔහුත් දෙවියන්වහන්සේගේ කෝපය නැමති කුසලානට අමිශ්‍රව වත්කරනලද උන්වහන්සේගේ උදහස නමැති මුද්‍රිකපානය බොන්නේය; ඔහුශුද්ධවූ දේවදූතයන් ඉදිරියෙහිද බැටළුපැටවාණන් ඉදිරියෙහිද ගින්නෙනුත් ගෙන්දගම්වලිනුත් වධකරනු ලබන්නේය.

11 ඔවුන්ගේ වේදනාව නමැති ධූමය සදාකාලේටම නගින්නේය; මෘගයාටත් උගේ රූපයටත් නමස්කාරකරන්නෝද ඔහුගේ නාමයේ ලකුණ ලබන්නාදදිවා රෑ දෙක්හි නිවාඩු නොලබන්නෝයයි මහත් ශබ්දයකින් කීය.

12 මෙහි දෙවියන්වහන්සේගේ ආඥාද යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලද රක්ෂාකරන්නාවූ ශුද්ධවන්තයන්ගේ ඉවසීම ඇත්තේය.

අපේ කතාව

සෑම තරාතිරමකම සවන්දෙන්නන් ආකර්ෂණය කර ගැනීම සඳහා දීප්තිමත් ගුවන් විදුලි අදහසක් සමඟින්, Amazing Facts (විස්මිත කරුණු) 1965 දී ආරම්භ වූයේය. මෙම මෙහෙයේ ප්‍රථම කථිකයා වූ ජෝ කෲස්, සෑම ගුවන්විදුලි විකාශනයක්ම, විස්මිත කරුණකින් විවෘත කළ අතරපසුව සෑම කෙනෙකුටම තේරුම් ගත හැකි,…

අපි විශ්වාස කරන්නෙමු

බයිබලය දේවානුභාවයෙන් ලත් වචනය වන අතර එය  ඉගැන්වීමටත්, තරවටුවටත්, හික්මවීමටත්, ධර්මිෂ්ඨකම ගැන ගුරුකම් දීමටත්ප්‍රයෝජනවත් බව අපි විශ්වාස කරන්නෙමු. (2 තිමෝති 3:16 බලන්න.)…